• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කරගනු ලබන කරුණු පදනම් කරගනිමින් නඩු පැවරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරීම
- 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත කරනු ලබන පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කරගනු ලබන කරුණු පදනම් කරගනිමින්, අල්ලස් පනත යටතේ හෝ වත්කම් හා බැරකම් නීතිය යටතේ නඩු පැවරීමේ බලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබා දීමට හැකි වන පරිදි නීතිමය විධිවිධාන සැලැස්වීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

මේ සඳහා 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම පිණිස වන අදාළ සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් ව්‍යවස්ථා කෙටුම්පත් කරනු ලැබ තිබේ. එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3ට නොඅඩු විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව නීතිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබ ඇත. ඒ අනුව, පරීක්ෂණ කොමිෂන් සභා(සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.