• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සහ විශ්වවිද්‍යාලයේ සහ නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන පහත සඳහන් කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සඳහා ශිෂ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 381.49ක මුදලකට, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම.

(ii) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා හැකියා සංවර්ධන මධ්‍යස්ථානයක් සහ විභාග ශාලාවක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 215.42ක මුදලකට, මධ්‍යම ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.

(iii) නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය සඳහා බහු කාර්ය ශ්‍රවනාගාරයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 674.47ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම.

(iv) නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 701.18ක මුදලකට M/s Edward and Christie (Pvt) Ltd. වෙත පිරිනැමීම.