• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'හරිත බලශක්ති සැංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන' යටතේ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
- ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන' යටතේ ඉතිරි වී ඇති අරමුදල් භාවිත කරමින් පන්නල ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීමටත්, පන්නිපිටිය සහ වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි ට්‍රාන්ස්ෆෝමර දෙකක් මිලදී ගැනීමටත්, කළුතර, කැස්බෑව, පරණ අනුරාධපුරය, කප්පල්තුරෙයි හා කෙරවලපිටිය යන ග්‍රිඩ් උපපොළවල් සඳහා 36kV GIS සම්බන්ධ කිරීමේ පැනල පහක් මිල දී ගැනීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.