• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගර භූමිය සඳහා අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීම
- දැනට ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය සඳහා අවශ්‍ය උපයෝගිතා යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජය වෙත පැවරී තිබේ. ඒ අනුව, අපජලවහන පහසුකම් සැලසීම පිණිස කොළඹ වරාය නරගයේ සිට මාදම්පිටිය පොම්පාගාරය දක්වා මිලිමීටර 900ක විෂ්කම්භයකින් යුතු කිලෝමීටර 5.5ක් දිගැති ප්‍රධාන අපජල නළයක් යෙදීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රධාන අපජල නළ මාර්ගය එළීමට යෝජිත මාර්ගයේ මැකලම් ඇළ (බේරේ මෝය) හරහා වන කොටසේ ඒ සඳහා සීමිත අවකාශයක් පවතින බැවින්, දැනට එම ස්ථානයේ ඇති අප ජල නළ මාර්ග 02 සඳහා පොදු නළ මාර්ගයක් යොදා ගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, එම කොටස සඳහා පොදු නළ මාර්ගයක් යෙදීම සඳහා ටැඹ අත්තිවාරම් යෙදීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 48ක මුදලකට, දැනට එම ස්ථානයේ විදුලිබල මණ්ඩලයේ භූගත රැහැන් නළයට ටැඹ අත්තිවාරම් යෙදීමේ නිරතව සිටින M/s ELS Construction (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.