• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්ස සිට අඟුලාන දක්වා වෙරළ තීරණය සකස් කිරීම
- බස්නාහිර වෙරළ තීරයේ වෙරළ ඛාදනයට ලක් වන ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇති ගල්කිස්ස, දෙහිවල, රත්මලාන වෙඩිකන්ද සහ මොරටුව යන වෙරළ තීර ආවරණය වන පරිදි, කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වන වෙරළ තීරයේ යාන්ත්‍රික වැලි පෝෂණ විධි ක්‍රමය (Sand Engine Methodology) මඟින් වෙරළ තීරය ස්ථායි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

මේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය සඳහා 2018 අයවැය මඟින් වෙන් වී ඇති රුපියල් මිලියන 800ක ප්‍රතිපාදන උපයෝජනය කරමින් ගල්කිස්ස සිට අඟුලාන දක්වා කිලෝමීටර 5.5ක පමණ වන දිගින් යුතු වෙරළ තීරය වැලි පෝෂණය මඟින් ස්ථායී කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලිය යටතේ සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.