• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තුවේ කාර්යාල, ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් අදාළ රජයේ කාර්යාල සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- පාර්ලිමේන්තුවේ කටයුතුවලට අදාළ කාර්යාල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපනය කරනු ලැබ ඇති ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් යම් අදාළ රජයේ කාර්යාල සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ජපන් මිත්‍රත්ව මාර්ගය ආශ්‍රිත භූමිභාගයක ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. වර්ග මීටර 35,000ක ගොඩනැඟිලි පහසුකම් ද, වර්ග මීටර 15,000ක පොදු අවකාශ ද, වාහන නැවැත්වීමේ පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම්වලින් ද සමන්විතව වසර තුනක (03) කාලසීමාවක් තුළ මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියට අදාළ කටයුතු සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.