• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
- මුල් වරට නිවසක් මිල දී ගනු ලබන මධ්‍යම ආදායම්ලාභීන්ට, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන ව්‍යාපෘති වෙතින් නිවසක් මිල දී ගැනීම සඳහා සහන පොලියක් යටතේ මූල්‍ය පහසුකම් සැපයීමට 2018 අයවැය මඟින් යෝජනා කර තිබේ.

ඒ අනුව, ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 25ක් සහිතව, උපරිමය රුපියල් මිලියන 5ක් දක්වා ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය ලබා දීමට සැලසුම් කර තිබේ. එහිදී පළමු වසර 5 සඳහා 7%ක සහන පොලී අනුපාතිකයක් යටතේ එම ණය නිකුත් කිරීමට යෝජිතය. එහිදී එම බැංකුවට අය විය යුතු ඉතිරි පොළිය වන 5% රජය විසින් දරනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.