• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර විද්‍යාත්මක හා පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳ සහයෝගිතාව වර්ධනය කරගැනීම
- ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර විද්‍යාත්මක හා පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම සහ ජර්මනියේ ජර්මානු විද්වතුන් හුවමාරු කරගැනීමේ සේවාව (German Academic Exchange Service - DAAD) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.