• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත
- ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන මගී, ගමන්මලු සහ ගුවන් බඩු ප්‍රවාහනයට අදාළ වන රීති සඳහා අවශ්‍ය ඒකාකාරීභාවය සහ පූර්වේක්ෂණය කළ හැකි බව ලබා දීම 'ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය සඳහා වන යම් යම් රීති එක් කිරීම සඳහා වන සම්මුතියෙහි' පරමාර්ථය වේ. 1998 වර්ෂයේදී මොන්ට්‍රියල්හිදී ඇති කර ගෙන ඇති එම සම්මුතියට ශ්‍රී ලංකාව පාර්ශ්ව රාජ්‍යයක් වේ.

එම සම්මුතියට මෙරට තුළ බලාත්මක භාවයක් ලබා දීම සඳහා වන පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත මී‍ට පෙර ඉදිරිපත් කරන ලදුව, එය ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත යොමු කරන ලදී. ඒ අනුව, එම අනුකමිටුව විසින් ලබා දී ඇති නිර්දේශද ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කරන ලද 'ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.