• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ඉදි කිරීම
- ප්‍රවාහන සම්බන්ධතා ගොඩනැඟීම මඟින්, දුර බැහැර පිහිටි පසුගාමී ගම්මාන රැසක වෙසෙන ජනතාවට වෙළඳ පොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වෙත ඇති ප්‍රවේශය ඉහළ නැංවීමේ අරමුණින් පාලම් 4,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ඍජු ණය දීමේ පහසුකම (Direct Lending Facility) මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබාගැනීමට හිතකර ණය මූලාශ්‍රයක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50ක පිරිවැයක් යටතේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානියේ ඉදි කිරීම් ආයතනයන්ගෙන් යෝජනා කැඳවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බලය පැවරීමටත්, එහිදී ඉදිරිපත් වන යෝජනා හා මිල ගණන් ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ තාක්ෂණ ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව වෙත බලය පැවරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.