• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම
- ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය පුළුල් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ තිබේ. කොළඹ නගරයට ජලය සැපයෙන වසර 100කට වඩා පැරණි ප්‍රධාන නළ පද්ධතියද එම මාර්ගය ඔස්සේ වැටී ඇති බැවින්, එකී මාර්ග සංවර්ධන කටයුතුවලට සමගාමීව ජලනළ පද්ධතිය නැවත එළීමේ කටයුතු ආරම්භ කළ යුතු වේ.

ඒ අනුව, මෙම ජලනළ ඇතිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සපයා ගැනීමේ අරමුණින්, දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති පරිදි ඔස්ට්‍රියානු යුනික්‍රෙඩිට් බැංකුව (Unicredit Bank Austria AG) සහ මහජන බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.