• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'අපේ සුවය - රටේ සවිය' ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන
- බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම තුළින්, බෝ නොවන රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් ඔවුන් මුදවා ගනිමින් නිරෝගිමත් කිරීම තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින්, 'අපේ සුවය - රටේ සවිය' නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවනු ලබන විශේෂ මෙහෙයුම් ඒකකයක සම්බන්ධීකරණය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා ආයතන සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට පොළොන්නරුව, කළුතර, මොනරාගල, බදුල්ල, මඩකළපුව හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ කර ක්‍රියාත්මක කිරීමටත්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.