• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සාම බලකා වැඩසටහනේ සහාය ලබාගැනීම
- ඇමරිකා එක්සත් ජනපදයේ සාම බලකා වැඩසටහන 1962 වර්ෂයේ සිට වරින් වර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, විශේෂයෙන්ම 2004 සුනාමි ව්‍යසනයේදී සහන සේවා හා නැවත ගොඩනැඟීමේ ප්‍රයත්නවලට සැලකිය යුතු සහායක් එමඟින් ලබා දෙන ලදී. 2006 වර්ෂයෙන් පසු එම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවේ. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා එම සාම බලකා වැඩසටහන ශ්‍රී ලංකාවේ නැවත ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කරනු ලබන ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් එම වැඩසටහන යළි මෙරට ස්ථාපිත කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහනේ සහාය ලැබෙනු ඇති අතර, එහි ස්වේච්ඡා සේවකයින් මෙරට ද්විතීයික පාසල්වල, ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහාය මධ්‍යස්ථානවල හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල රැඳවීමට කටයුතු කෙරෙනු ඇත. ඒ අනුව, එම සාම බලකා වැඩසටහන ශ්‍රී ලංකාව තුළ නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.