• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම
- මහව සිට ඕමන්තේ දක්වා වූ දුම්රිය මාර්ග කොටස ඉන්දියානු ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්කරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබ ඇති අතර, ඉන්දියානු එක්සිම් බැංකුවේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන, තෝරාගත් පූර්ව සුදුසුකම් සපුරා ඇති ආයතන 03ක් වෙත ලංසු ලේඛන නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, කිරීම මහව - අනුරාධපුර කොටස සහ අනුරාධපුරය - වවුනියාව වශයෙන් කොටස් දෙකකට මෙම දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීමට සැලසුම් කර ඇති බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.