• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම
- 'ආඝාතය', වැඩිහිටි ආබාධිත බව සඳහා ප්‍රධාන හේතුවක් වේ. ආඝාත රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට තීරණය කරනු ලැබ තිබේ. එම ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 213.9ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.