• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- 2018 වර්ෂයේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මනා අවකාශයක් සැලසෙන පරිදි හා ඔවුන් විසින් හදාරනු ලබන පාඨමාලාවලට උචිත වන පරිදි විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් වී ඇත. ඒ අනුව, එම ප්‍රතිපාදන භාවිත කරමින්, පහත සඳහන් යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

* යාපනය විශ්වවිද්‍යාලයේ, වවුනියාව මණ්ඩපයේ පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳහා තෙමහල් ගොඩනැඟිලි 02ක් ඉදි කිරීම.

* රුහුණ විශ්වවිද්‍යාලයේ, තාක්ෂණවේදය පීඨය සඳහා තෙමහල් දේශන ශාලා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.

* අනුරාධපුර, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල නිල නිවාස ඉදි කිරීම.

* කැලණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය සඳහා සිව්මහල් ‍ගොඩනැඟිල්ලක් ඉදි කිරීම.