• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම
- කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ‍ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.