• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන ප්‍රධාන අණපනත් සංශෝධනය
- කාලීන අවශ්‍යතාවන් හා සැස‍ඳෙන පරිදි, පළාත් පාලන ආයතනයන්ට අදාළ ප්‍රධාන අණ පනත් 03 වන මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත යන නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, පළාත් පාලන ආයතන, පළාත් සභා, දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන විසින් වරින් වර අවධාරණය කරනු ලැබ ඇති කරුණු සහ 1999 අංක 01 දරන පාර්ලිමේන්තු සැසිවාර වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ කොමිෂන් සභා නිර්දේශ සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා ජනාධිපති නීතිඥවරයෙකුගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, වඩාත් මහජන හිතකාමී ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක් පළාත් පාලන ආයතන තුළ තහවුරු කිරීම සඳහා එම කමිටුව විසින් යෝජනා කරනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කර, අදාළ ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.