• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයන් සඳහා චිත්‍රපට සංස්ථා භාරය මඟින් ලබා දෙනු ලබන විශ්‍රාම වැටුප් දීමනාව ඉහළ නැංවීම
- වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා මාසික විශ්‍රාම දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙළක්, 1986 අංක 03 දරන පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කරනු ලැබ ඇති 'ජාතික චිත්‍රපට සංස්ථා භාරය' මඟින් 1987 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ මසකට රුපියල් 2,000/- බැගින් වූ දීමනාවක් විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් 57 දෙනෙකු සඳහා මේ වන විට ගෙවනු ලබන අතර, තවත් අයදුම්කරුවන් 106 දෙනෙක් එම දීමනාව අපේක්ෂාවෙන් සිටිති.

ඒ අනුව, වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම මාසික විශ්‍රාම දීමනාව රුපියල් 5,000/- ක් දක්වා වැඩි කිරීමටත්, විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් 163 දෙනෙකු සඳහා එම දීමනාව ගෙවීමට හැකිවන පරිදි චිත්‍රපට සංස්ථා භාරය වෙත රුපියල් මිලියන 10ක භාණ්ඩාගාර ප්‍රදානයක් ලබාගැනීමටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.