• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුළුල් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් පවරා ගනු ලබන ඉඩම් කොටස වෙනුවෙන් විකල්ප ඉඩමක් ලබා දීම
- පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් එහි ඉඩකඩ පුළුල් කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඊට යාබදව පිහිටි පර්චස් 80ක විශාලත්වයකින් යුතු ඉඩම වෙන් කරගැනීමටත්, ඒ වෙනුවෙන් පානදුර නගර සීමාව තුළින් විකල්ප ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමටත් එකඟත්වයක් ඇතිව තිබේ.

ඒ අනුව, එම මණ්ඩලය වෙත විකල්ප ඉඩමක් වශයෙන් ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත්, මෝදරවිල කර්මාන්තපුරයේ පිහිටි ප්‍රමාණයෙන් පර්චස් 120ක් වූ ඉඩම් කොටසක් වෙන් කිරීමටත්, ඒ වෙනුවෙන් පානදුර, පට්ටිය උතුර ප්‍රදේශයේ පිහිටි පර්චස් 124ක් විශාල ඉඩම් කොටසක් නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.