• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාව හා එස්ටෝනියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ එස්ටෝනියා ජනරජයේ ආර්ථික කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.