• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසල් රත්නපුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සඳහා අරමුදල් සලසා ගැනීම
- විසල් රත්නපුර ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 29ක් ආවරණය කරමින් නව නළ ජල සම්බන්ධතා 3,500ක් පමණ ලබා දීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතියේ බෙදා හැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය අනෙකුත් උපාංග හා සවි කිරීමේ උපාංග, කපාට, නළ සැපයීම හා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි මේ වන විට ප්‍රදානය කරනු ලැබ තිබේ. එම කොන්ත්‍රාත් පිරිවැය ආවරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රුපියල් මිලියන 1,528.9ක ණය මුදලක් ලබා දීමට ලංකා බැංකුව එකඟ වී තිබේ.

ඒ අනුව, එම ණය පහසුකම ලබාගැනීම සඳහා ලංකා බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.