• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
- හසලක ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හසලක ජලසම්පාදන ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 33ක වෙසෙන 49,370ක පමණ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි මේ වන විට කොන්ත්‍රාත් ප්‍රදානය කරනු ලැබ ඇති අතර, එම පිරිවැය ආවරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස රුපියල් මිලියන 6,235ක ණය මුදලක් ලබා දීමට මහජන බැංකුව එකඟ වී තිබේ.

ඒ අනුව, එම ණය පහසුකම ලබාගැනීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.