• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආරක්ෂක අරමුදල් පනත සංශෝධනය කිරීම
- මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් පිහිටුවනු ලැබ ඇති ජාතික ආරක්ෂක අරමුදල මඟින් සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කර එම අරමුදලෙහි පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීම පිණිස එය පිහිටුවනු ලැබ ඇති 1985 අංක 09 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.