• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක ණය ආධාර ලබාගැනීම
- රැකියා වෙළඳ පොළෙහි ඉල්ලුම සපුරා ලීම සඳහා කාර්යක්ෂම නිපුණතා සංවර්ධන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ අරමුණින් 2014 - 2020 කාලපරිච්ඡේදය තුළ රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින 'නිපුණතා සංවර්ධන ආංශීය වැඩසටහනට' සහාය වීමේ අරමුණින් 'නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන' ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම, එම අංශය සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය ඉහළ නැංවීම, ප්‍රතිපත්ති, ආයතනික හා මෙහෙයුම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම යන අරමුණු මෙමඟින් ළඟා කරගැනීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.