• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අල්ලස් සහ දූෂණය පිටුදැකීම සඳහ‍ා අල්ලස් පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාව තුළ අල්ලස සහ දූෂණය තුරන් කිරීම සඳහා පවතින නීති වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ ඊ‍ට ආනුෂංගික පනත් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. එමෙන්ම මූල්‍ය අපරාධ හා දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම පිණිස අධිකරණ සංවිධාන පනතද සංශෝධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතියි.

මෙයට සමාන්තරව අල්ලස් චෝදනා හැරුණු විට දූෂණ (Corruption) චෝදනා සම්බන්ධ නඩු ද, මහේස්ත්‍රාත් අධිකරණයට පමණක් නොව මහාධිකරණයට පවා විභාග කළ හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වන වගන්තිය සංශෝධනය කළ යුතුව තිබේ. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.