• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ කාර්යය බලකායේ නිලධාරින් සඳහා කලපළුවාවෙහි නිල නිවාස සංකීර්ණයක් ඉදි කිරීම
- විශේෂ කාර්යය බලකායේ පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන්, උප පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක යන ශ්‍රේණිවල විවාහක නිලධාරින් සඳහා කලපළුවාවෙහි නිල නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 289.59ක මුදලකට M/s Construction Managers and Planners (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.