• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
- ආඝාතය (Stroke) වැඩිහිටි ආබාධිතභාවය සඳහා ප්‍රධාන හේතුවක් වන අතර, එය ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ සඳහා හේතු වන හතරවන ප්‍රධාන හේතුව බවට පත්ව ඇත. රාගම පුනරුත්ථාපන රෝහල හැරුණු විට මෙරට අනෙක් කිසිදු රෝහලක නිසි පහසුකම් සහිතව වැඩිදියුණු කරන ලද ආඝාත ප්‍රතිකාර ඒකකයක් නොමැත. එබැවින්, කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ආඝාත ඒකකයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ආඝාත ඒකකය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 230.57ක මුදලකට M/s Link Engineering (Pvt) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.