• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම
- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් සපයනු ලබන අරමුදල් යටතේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ කඩුවෙල - අතුරුගිරිය, වල්ගම - අතුරුගිරිය, වාද්දුව - මොරොන්තුඩුව, බෙල්ලන - මොරගල යන මාර්ගවල සිදු කෙරෙන ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 150.75ක මුදලකට, M/s. Green Tech Consultants (Pvt) Ltd. ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.