• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විපාර්ශ්වික උපදේශක සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ටර්ක්මෙනිස්තානය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- දෙරට අතර ද්විපාර්ශ්වික උපදේශක සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ටර්ක්මෙනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.