• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1982 අංක 09 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙහි (Sri Lanka Institute of Development Administration - SLIDA) කාර්යභාරය සහ පරිපාලනමය සැකැස්ම පසුගිය වසර කිහිපය තුළ වෙනස්කම්වලට භාජනය වී තිබේ. ඊට සමගාමීව පහත සඳහන් වෙනස්කම් ඇතුළත් වන පරිදි 1982 අංක 09 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වත්මන් තත්ත්වය හා අවශ්‍යතා සමඟ ගැළපෙන පරිදි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ආයතනික ව්‍යුහය, අරමුණු හා කාර්යභාරය සහ බලතල සංශෝධනය කිරීම.

* ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙහි පශ්චාත් උපාධි පාසලෙහි කාර්යභාරය හා බලතල පිළිබිඹු කිරීම සඳහා පනතට නව විධිවිධාන ඇතුළත් කිරීම.

* අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇති පරිදි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙහි විභාග ඒකකයෙහි කාර්යභාරය හා බලතල පිළිබිඹු කිරීම සඳහා පනතට නව විධිවිධාන ඇතුළත් කිරීම.