• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඡන්ද විමසීම් කාලසීමාව තුළදී රාජ්‍ය දේපළ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම වැළැක්වීම සඳහා වූ විධාන
- ඡන්ද විමසීම් කාලසීමාව තුළදී රජයට හෝ රාජ්‍ය සංස්ථාවලට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපළ දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයන් ප්‍රවර්ධනයට නැතහොත් එකී පාර්ශ්වයන්ගේ අගතියට හේතුවන පරිදි හෝ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධා වන පරිදි හෝ යොදාගැනීම වැළැක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (4) (අ) අනුව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලද විධාන, අංක 2048/2 දරන 2017‑12‑04 දිනැති අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. එම විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය, යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.