• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ යන අංශවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා වියට්නාමයේ මහජන පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- අපරාධ වැළැක්වීම සඳහා වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාකාරී හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ. ඒ අනුව, පොලිස් පුහුණුව හා විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධව යාවත්කාලීන කරන ලද තොරතුරු හුවමාරු කරගැනීම තුළින් සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් වියට්නාමයේ මහජන පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.