• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම
- 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ අරමුණින් එවැනි හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට තම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීම මඟින් අවස්ථාව දෙන ලදී. එම අභියාචනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස හිටපු විදේශ කටයුතු ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කරන ලදී. එකී අභියාචනා භාර ගැනීමේ කාලසීමාව පසුව 2017 මැයි 01 දින දක්වා පසුව දීර්ඝ කරනු ලැබ ඇති අතර, එහිදී තවත් අභියාචනා 14ක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, එම අභියාචනා පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් අමාත්‍යවරුන්ගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ගරු මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය - (සභාපති);

* ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා,
ආපදා කළමනාකරණ අමාත්‍ය;

* ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා,
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය.