• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග මිල දී ගැනීම
- ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් මිල ගණන් කැඳවීම මඟින් මිල දී ගනු ලැබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොලීසිය හා විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම්, දේශීය රෙදිපිළි වෙන් කර දීමේ කමිටුව විසින් නිර්දේශිත දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් රුපියල් මිලියන 257.3ක මුදලකට මිල දී ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.