• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිබිල සිට චෙන්කලඩි දක්වා වන මාර්ග කොටස (කිලෝමීටර් 86.75) ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
- බදුල්ල - චෙන්කලඩි මාර්ගයේ, බිබිල සිට චෙන්කලඩි දක්වා කිලෝ මීටර 86.75 දිගැති මාර්ග කොටස පුනරුත්ථාපනය කර වැඩිදියුණු කිරීම පිණිස, සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සපයනු ලැබ තිබේ. එම මාර්ග කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 258.3ක මුදලකට Resources Development Consultants (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.