• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල 2014‑06‑15 - 2014‑06‑16 දිනයන්හි සිදු වූ සිද්ධියේ වින්දිතයින්ට වන්දි ප්‍රදානය කිරීම
- කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල 2014 ජුනි මස 15 හා 16 දිනවල සිදුවූ අවාසනාවන්ත සිදුවීම අතරතුරදී නාඳුනන පුද්ගලයන් විසින් පවුල් 273කට අයත් දේපළ විනාශ කරනු ලැබ ඇති අතර, එහිදී හානි වූ ගොඩනැඟිලි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අලුත්වැඩියා කර දෙන ලදී. එහෙත් එහිදී හානි වූ ගෘහ උපකරණ සහ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා වින්දිතයින්ට වන්දි ගෙවීමක් සිදු නොකරන ලදී.

අදාළ හානි පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව විසින් එම සිදුවීම හේතුවෙන් අහිමි වූ අනෙකුත් දේපළ හා ගෘහ උපකරණ වෙනුවෙන් වන්දි ගෙවීම නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, වර්තමානයේ පවතින විධිවිධානවලට යටත්ව, එම වන්දි පිරිනැමීම සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.