• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිති අනුව පළාත් පාලන ආයතන සඳහා පොදු ගිණුම් ක්‍රමයක් සකස් කිරීම
- පළාත් පාලන ආයතනවල දැනට ක්‍රියාත්මක වන ගිණුම් ක්‍රමයේ පවතින අඩුපාඩු නිවැරදි කර ජාත්‍යන්තරව පිළිගත් ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නව ගිණුම් පද්ධතියක් හඳුන්වා දීමේ අරමුණින් ලෝක බැංකු ආධාර යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙමඟින් සකස් කරනු ලැබ ඇති නව ගිණුම්කරණ ක්‍රමවේදය 2018 වසරේ සිට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සඳහා හඳුන්වා දීමට නියමිතය. මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම නව ගිණුම් ක්‍රමය, 2018 මුදල් වර්ෂයේ සිට සියලුම පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.