• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇල්ල වැව ජලාශය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පවුල් සඳහා සහන සැලසීම
- රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි කිරීමට යෝජිත ඇල්ල වැව ජලාශය මඟින් පනාමුර, වලල්ගොඩ, හුලංදාඔය යන ප්‍රදේශයන්හි පිහිටි අක්කර 1,800ක පමණ ඉඩම් ප්‍රමාණයකට වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. මෙම ජලාශය ඉදි කිරීම සඳහා ඉඩම් පවරා ගැනීම හේතුවෙන් පවුල් 20ක් පමණ අවතැන් වන බව හඳුනාගනු ලැබ තිබේ. එම පවුල් සඳහා නිවාස තනාගැනීමට විකල්ප ඉඩම් ලබා දීමට සහ සාධාරණ වන්දියක් ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.