• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි වැඩ නිම කිරීම
- උතුරු පළාතේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවාගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් ඉදි කෙරෙන කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි වැඩ කටයුතු මේ වන විට අතර මග නතර වී තිබේ. එය කඩිනමින් ඉදි කර ජනතා අයිතියට පත් කිරීමේ අරමුණින්, එහි ඉතිරි ඉදි කිරීම් කටයුතු, රුපියල් මිලියන 141.9ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉටු කරගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.