• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සලසා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- වයස අවුරුදු 11 සිට 12 දක්වා වූ වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සැලසීමේ අරමුණින් පාසල් 100කට මූලික IoT (Internet of Things) පුහුණු කට්ටල ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ තෝරාගත් පාසල් 100ක් සඳහා BBC මයික්‍රො:බිට් උපකරණ 04 ක්, Sensor කිහිපයක්, ආරෝපණ උපකරණයක් (Charger), Raspberry P i3 පරිගණකයක් ඇතුළත් පුහුණු කට්ටල 20ක් බැගින් ලබා දෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම සහ අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 99.21 මුදලකට Orel Corporation ආයතනය වෙත සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.