• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 05, කාලිංග මාවත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම
- කොළඹ 05, කාලිංග මාවතේ ඉදි කෙරෙමින් පවතින නිවාස ඒකක 528කින් සමන්විත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,898.7ක මුදලකට M/s. Maga Engineering (Pvt) Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.