• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ මධ්‍යම පාන්තික නිවාස ඒකක 400කින් සමන්විත නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, ඉදි කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 6,997ක මුදලකට M/s. Yanjian Group Co. Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.