• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින්, දෙරටේ අදාළ ආයතන අතර සබඳතාව හා සහයෝගිතාව ස්ථාපනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී තිබේ.

රාජ්‍ය පාලනයේදී හා පුරවැසියන් සඳහා සේවා සැපයීමේදී තොරතුරු තාක්ෂණික හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවන් භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ලබා ගෙන ඇති අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙමඟින් ශ්‍රී ලංකාවට ඉඩ සැලසේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට දෙරට අතර අත්සන් තැබීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.