• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට ණය පහසුකම් සලසා ගැනීම
- දිවයිනෙහි සමස්ත සංවර්ධනය සඳහා දායකත්වය සපයනු ලබන ආර්ථික කේන්ද්‍රස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට තෝරා ගත් නගර 25ක ධාරිතා සංවර්ධන, ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ, ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘති සැලසුම් කිරීම, මූලික ප්‍රසම්පාදන සහ විධිමත් පරිපාලන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය කිරීමටත්, එම තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 05ක ණය පහසුකමක් ලබා ගැනීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.