• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දස සිල් මාතා අධ්‍යාපන ආයතන වැඩිදියුණු කිරීම
- දැනට සසුන්ගතව සිටින දස සිල් මාතාවන් මෙන්ම අලුතින් සසුන්ගත වන දස සිල් මාතාවන් සඳහා අවශ්‍ය ධර්ම විනය පුහුණුව ලබා දීමට ප්‍රශස්ත මට්ටමේ වැඩ පිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබේ. දස සිල් මාතාවන් සඳහා අවශ්‍ය ධර්ම ශාස්ත්‍රීය දැනුම, ශාසනික වත් පිළිවෙත් පුහුණුව හා මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා දීම සඳහා දස සිල් මාතා අධ්‍යාපන ආයතන 04ක් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, මෙම ආයතන නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා අනුග්‍රහය ලබා දීම අවශ්‍ය වේ.

ඒ අනුව, දස සිල් මාතාවන් සඳහා වන අධ්‍යාපන ආයතන සඳහා ක්‍රමවත් ආයතනික ව්‍යූහයක් සකස් කිරීමටත්, විධිමත් පාඨමාලාවක් හඳුන්වාදීමටත්, එම ආයතනවල පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීමටත්, ඒවායේ නඩත්තු වියදම් රජය මඟින් දැරීමටත් බුද්ධශාසන අමාත්‍ය අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.