• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව
- රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ තිබේ. රජයේ සියලුම මූල්‍ය නොවන වත්කම් ආවරණය වන පරිදි සකස් කරන ලද මධ්‍යගත වත්කම් ලේඛනයක් පවත්වා ගැනීම එම කාර්යාලයේ මූලික කාර්යභාරය වේ. එම කාර්යාලය වෙත 2017 දෙසැම්බර් 14 වන දිනට ලැබී ඇති තොරතුරු අනුව රජයට අයත් වාහන පිළිබඳ සංඛ්‍යාලේඛන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එම තොරතුරු සැලකිල්ලට ගන්නා ලදී.

එම තොරතුරුවල සාරාංශයක් පහත දැක්වේ.

රජයට අයත් සමස්ත වාහන සංඛ්‍යාව 57,961
එයින් ධාවනය කළ හැති තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 50,238
   මධ්‍යම රජය 26,732
   රාජ්‍ය ව්‍යාපාර 23,506
ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 7,723
   මධ්‍යම රජය 5,922
   රාජ්‍ය ව්‍යාපාර 1,801


මෙයින් දැනට භාවිතයට නොගන්නා ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන කඩිනමින් අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.