• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් කොමිෂන් සභා පනත සකස් කිරීම
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්යභාරය වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා එම කොමිෂන් සභාව වෙත තවදුරටත් අවශ්‍ය බලතල ලබා දීම පිණිස නීති සම්පාදනය කිරීමට යෝජනා වී තිබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් පත් කරන ලද අනුකමිටු‍ව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගනිමින්, මුදල් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය බලතල දක්වමින් පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.