• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීම
- අධිකරණ විනිසුරුවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය හා ඔවුන් විසින් උසුලනු ලබන වගකීම් සැලකිල්ලට ගෙන, ඔවුන්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා සංශෝධනය කිරීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් කරනු ලැබ තිබේ.

ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ඇතුළු අදාළ අනෙකුත් පාර්ශ්වයන් විමසනු ලැබ ඇති අතර, මෙම කරුණ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා නිලධාරි කමිටුවක් ද පත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම නිලධාරි කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි, මහාධිකරණ විනිසුරුවරුන් හා අනෙකුත් පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීමටත්, එම සංශෝධන සැලකිල්ලට ගනිමින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව වෙත යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.