• Increase font size
  • Default font size
  • Decrease font size

2017-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන
- නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යහපත් වාතාවරණය පවත්වා ගැනීම පිණිස එවැනි කාලසීමාවක් තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්, සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා පරිපාලකයන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු මාධ්‍ය උපමාන, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබයි. මෙම උපමානවලට අනුකූලව ක්‍රියා කිරීම සඳහා ජනමාධ්‍ය ආයතනවලට හැකි වන අයුරින් කටයුතු කිරීම සියලුම දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන ක්‍රියාකාරීන්, නිරීක්ෂණ සංවිධාන හා සිවිල් සංවිධානවලට මෙන්ම සියලුම පුරවැසියන්ට පැවරෙන වගකීමකි.

මැතිවරණවලට අදාළ මාධ්‍ය වාර්තා අපක්ෂපාතීව පළ කිරීම, යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට අසාධාරණයක් සිදු නොවන පරිදි හා විශේෂ වාසියක් ඇති නොවන පරිදි ගුවන් කාලය වෙන් කිරීම, ප්‍රචාරණය කරනු ලබන යම් කරුණක් මඟින් අගතියට පත් පාර්ශ්වයට හා එම මතයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන කරුණු දැක්වීම් සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් ලබා දීම, මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු මෙම මාධ්‍ය උපමාන දක්වමින්, අංක 2048/1 දරන 2017‑12‑04 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම අතිවිශෙෂ ගැසට් නිවේදය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.